Firefox තුලට ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂයක්

බුද්ධික සිද්ධිසේන

අන්තර්ජාල වෙබ් අඩවි තරණය කිරීමේදී හසුවන සමහර “ඉංග්‍රීසි බරවචන” තේරුම් ගැනීමට හෝ තොරතුරු තාක්ෂණයේ දී යොදා ගන්නා ඇතැම් සුපුරුදු ඉංග්‍රීසි වචන වලට අදාල
සිංහල වචන තෝරා ගැනීමට උපකාරී වන මෘදුකාංග කොටසක් ලෙස EnSiTip නැමති Firefox එකතුව (addon extension) සැළකිය හැක.

මෙය නිපදවා ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලීය පරිගණක අධ්‍යනායතයේ භාෂා පර්යේෂන අංශය විසින් වන අතර එය ලෙොවට මුදා හරිනු ලබන්නේ GNU GPL නැමති නිදහස් හා විවෘත මෘදුකාංග බලපත්‍රයක් යටතයි.

මෙය ස්ථාපිත කිරීම ඉතා පහසු වෙන අතර ඒ සඳහා ඔබ කළ යුක්තේ ensitip.xpi ලබා ගෙන, ඉන් පසු එය Firefox හි “Tools->Add-ons menu” ලේඛනයෙන් ලැබෙන තිරයට (Dialog) ඇද දමන්න (drag-and-drop). ඉන් පසු Firefox වසා නැවත ආරම්භ කරන්න.

5 Comments

  1. dogg78 said,

    February 22, 2008 at 8:45 am

    මම try කර ensitip.xpi ලබා ගන්න ඒත් බෑ. ලින්ක් එකට ගියාම stuck වෙනවා.මම මොකක්ද කරන්න ඕනෙ?

  2. budks said,

    February 23, 2008 at 7:48 pm

    කුමන firefox version එකකටද බැලුවෙ. මට නම් Linux (Ubuntu/Debian/Gen2,Fedora යනා දි) හි ඇති firefox 2.x තුල install විය

  3. dogg78 said,

    February 26, 2008 at 4:52 am

    මම win XP සහ firefox 2.0.0.12 පාවිච්චි කරන්නේ.

  4. dogg78 said,

    February 26, 2008 at 5:02 am

    මම දැනට ඉංග්ලිෂ් වලින් තියෙන ජපන් එගෙන ගන්න තියෙන පොතක් සිංහළෙන් පරිවර්ථනය කරනවා. මට මේ ඇඩ්-ඔන් එක තිබ්බොත් ගොඩක් වටිනවා.


Post a Comment

You must bee logged in to post a comment.