බුද්ධික සිද්ධිසේන

සජීවි සංයුක්ත තැටි (Live CD) යනුවෙන් අප හඳුන්වන්නේ කිසියම් ස්ථාපිත (install) කිරීමකින් තොරව භාවිත කළ හැකි මෙහෙයුම් පද්ධති (OS) රැගත් CD තැටි වේ.
Live CD ගැන කතා කිරීමේදී ග්නූ/ලිනක්ස් (GNU/Linux) OS එක විශේෂ තැනක් ගන්නේ එය දැන් සෑහෙන කලක සිට, ඉතා සාර්ථක ලෙස Live CD ආකාරයෙන් ලබාගත හැකි වීම නිසයි.
ඕනෑම පරිගණකයක් ආරම්‍භ(boot) කිරීමට හැකිවන ලෙස Live CD එකක් නිපදවීම, අප සිතනවාට වඩා බැරෑරුම් කාර්යයකි. මන් ද OS එක boot වීමේදී එයට දුවන දෘඩාංග පද්ධතිය (Hardware platform) ගැන කිසි පූර්ව දැනුමක් නොමැති වීමයි. එනම් OS එක පටන් ගැනීමේ සිට desktop එක පෙනෙන මොහොත දක්වා ඇති කාලය තුළ, එක් වරම සහ ක්ෂණික ලෙස, දෘඩාංග හඳුනා ගෙන, ඊට අදාල ඩ්‍රයිවරය (driver) ක්‍රියාත්මක කළ යුතුය. ඒ විතරක් නොව, දෘඩාංග තැටි (Hard disk) මෙන් CD තැටි වල දත්ත නැවත නැවතත් ලිවිය නොහැකි වීම නිසා (Read-only), පරිගණකයේ ඇති ප්‍රධාන මතකයෙන් (main memory) කොටසක් තාවකාලික තැටියක් (temporary virtual disk) ලෙස යොදා ගැනීමට සිදුවේ. මෙහි අවාසනාවන්ත ප්‍රතිඵලයක් ලෙස මෘදුකාංග දිවීමට ඇති RAM ප්‍රමාණයේ අඩුවීමක් සිදුවනු ඇත. මේනිසා බොහෝ Live CD පිළිගත හැකි ආකාරයකට ක්‍රියාත්මක කිරීමට අඩුම තරමින් 128MB RAM වත් නිර්දේශකර තිබේ.
සජීවී සංයුක්‍ත තැටි(Live CD) වල අපට දක්නට ලැබෙන තාක්ෂණික දස්කම් බොහෝය. ඉන් ප්‍රධාන එකක් ලෙස වැඩි දත්ත ප්‍රමාණයක්; එනම් 700 MB වලට වඩා වැඩි ප්‍රමාණයක් (1.5GB) සම්පීඩනය (compress) කොට ගබඩා කර; අවශ්‍යය වූ විටක නැවතත් එවෙලේම අසම්පීඩනය (on-the-fly decompression) කළ හැකි වීම දැක්විය හැක.
Live CD භාවිත කිරීමෙන් අපට වාසි කිහිපයක් ලබාගත හැක:-
- විවිධ වර්ගයේ මෘදුකාංග (විශේෂයෙන්ම මෙහෙයුම් පද්ධති/OS), ස්ථාපිත කිරීමකින් තොරව අත්හදා බැලිය හැකි වීම.
- OS ස්ථාපිත කිරීමට පෙර අත්හදා බැලීම හෝ වෙනස් කිරීම (customization).
- ක්‍රියා විරහිත වූ OS එකකින් දත්ත සුරැකීමට හෝ එවැනි OS එකක් ගොඩ ගැනීමට උපකාරකයක් ලෙස භාවිත කිරීම.
- පොදු ස්ථානයක ඇති පරිගණකයක් භාවිත කිරීමේදී එහි ඇති OS එක වෙනුවට තමන්ගේම OS එකක් Live CD එකක් වශයෙන් භාවිත කිරීම. මෙනිසා දත්ත සඳහා වැඩි සුරක්‍ෂිතභාවයක් ද ලැබෙනු ඇති.
මෙසේ වාසි තිබුණද Live CD භාවිතයේදී අපට මුහුණ පාන්ට වෙන ප්‍රධාන අවාසියක් ලෙස සංයුක්ත තැටි කිය වන වේගය නොහොත් දත්ත හුවමාරුවන වේගය අඩු වීම සඳහන් කළ හැක.
මෙවන විට, Live CD ඉතා ජනප්‍රිය වී ඇති අතර එයට හොඳ උදාහරණයක් ලෙස ග්නූ/ලිනක්ස් බෙදාහරින්නන් අතරින් Live CD තාක්ෂණය උපයෝගි කර ගැනීමේ වර්ධනයක් ඇතිවී තිබීම දැක්විය හැකිය. Live CD මෙන්ම Live DVD ද දැන් දැන් භවිත වීමට පටන්ගෙන ඇත.
පහත දැක්වෙන්නේ එවැනි ප්‍රචලිත Live CD/DVD ව්‍යාපෘති කිහිපයකි.
- උබුන්ටූ (Ubuntu)
- ෆෙඩොරා (Fedora) Live CD
- නොපික්ස් (Knoppix)
- ඕපන් සුසී (OpenSuSE)
- සබයොන් (Sabayon)
- ස්ලැක්ස් (SLAX)
මීට වඩා දීර්ග ලැයිස්තුවක් සඳහා මෙම විකිපීඩියා ලිපිය බලන්න.
Live CD එකක් වෙනස් කොට, අපේම මෘදුකාංග සහ අනෙකුත් වෙනස්කිරීම් රැගත් Live CD එකක් නපද වන්නේ කෙසේද යන්න පිළිබඳව ලිපියක් නුදුරු අනාගතයේදි බලාපොරොත්තු වන්න.


dogg78 said,
February 27, 2008 at 10:00 am
මම fedora 8 live cd එක පාවිච්චි කලා.එහිදී සිංහළ තෝරා දැම්මත් ඕපන් උනේ ඉංගිලිෂ් වලින්.do u know anything about this mate?
budks said,
March 1, 2008 at 6:46 am
මම fedora 8 live cd එක පාවිච්චි කර නොතිබුනද මම හිතන්නෙ බොහො විට LiveCD එකෙ ඉඩ ඉතුරුකිරිමට එය ඇතුලත් කළ නැති බවයි. ඔයා මෙම blog එකට fedore8 Live CD එකෙන් ඇවිල්ල බැලුවද?
danishka said,
March 15, 2008 at 8:56 am
dogg78,
ඔබ විසින් භාවිතා කළේ GNOME මත පදනම්වු F8 LiveCD එකද නැති නම් KDE මත පදනම්වූ F8 LiveCD එකද?
සිංහල මුහුණත ලබාදෙන්නේ GNOME මත පදනම්වු F8 LiveCD එකෙන් පමණයි.
GNOME මත පදනම්වු F8 LiveCD එක සාර්ථකව සිංහල භාවිතය සඳහා සහය දක්වයි.
ස්තුතියි,
ඩනිෂ්ක
budks said,
March 15, 2008 at 5:23 pm
@dogg78 මා F8 LiveCD එක තවම භාවිතා කළ නැහැ
මම වැඩියෙන්ම පාවිච්චි කර ඇත්තේ knoppix සහ ubuntu Live CDs. මෑතක සිට Sabayon ද විටින් විට භාවිතා කළා.